බුදු සසුනට එන තර්ජන පැරදවීමේ අරමුණින් මහ සඟ සමුළුව අද කොළඹදී

වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක් අද කොළඹදී පැවැත්වීමට නියමිතයි.එම සමුළුව අද පස්වරු 2 ට බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සඟ සමුළුව සංවිධානය කිරීමේ මූලික අරමුණ වී ඇත්තේ වර්තමාන සමාජය තුළ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් එල්ල වන විවිධ බලපෑම් සහ අභියෝගයන්ට විරෝධය පළ කිරීමයි.
එමෙන්ම මෙම සඟ සමුළුව කිසිදු දේශපාලන අරමුණක් මත සංවිධානය කරන ලද්දක් නොවන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළා.

මේ අතර, රටේ බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ඊයේ ආරම්භ වුණේ පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන පරිශ්‍රයේදීයි.
මෙම වැඩසටහන මැදගොඩ අභයතිස්ස හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මල්වානේ චන්දරතන හිමි යන හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණා.
එම අවස්ථාවට ගුණදාස අමරසේකර සහ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් ද එක්ව සිටියා. මෙම මහජන පෙත්සම ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි සංවිධායක මණ්ඩලය සඳහන් කරන්නේ.

.

Share