බුත්තල කතරගම මාර්ගයේ වන සතුන්ට ආහාර ලබාදීම නිකරුනේ වාහන නවතා තැබීම මෙන්ම කසළ බැහැර කරන්නන්ට එරෙහිව අද සිට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
යාල ගල්ගේ කලාප භාර අඩවි සහකාර දමිත් චන්දන මහනාම මහතා සඳහන් කලේ බුත්තල කතරගම මාර්ගයේ වන සතුන්ට ආහාර ලබාදීම ඇතුළු මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වන සතුන්ගේ ජීවන රටාවට බරපතළ තර්ජන එල්ල වී ඇති බවයි.
බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා ඕනෑම අයෙකුට දක්නට ලැබෙන හුරුපුරුදු දසුනක් මේ.
මෙම වන අලියා ඇතුළු වන අලි කිහිපදෙනෙකු බුත්තල කතරගම මාර්ගය අසලට මෙලෙස පැමිණෙන්නේ මාර්ගයේ යන එන වාහනවලින් ආහාර ලබා ගැනීමේ අරමුණින්.
එසේ ආහාර නොලැබෙන අවස්ථාවලදී බලහත්කාරයෙන් හෝ ඒවා ලබා ගැනීමට වන අලියා උත්සහ දරණ ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සංසරණය වනවා.
මෙවැනි වාතාවරණයක් තුළ බුත්තල කතරගම මාර්ගය වන සතුන්ට ආහාර ලබාදීමට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට වන ජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද සිට වන සතුන්ට ආහාර ලබාදීම මෙන්ම, නිකරුනේ වාහන මාර්ගයේ නවතා තැබීම, මාර්ගය දෙපස කැලි කසළ බැහැර කරන්නන්ට එරෙහිව නීතිය තදින් ම ක්‍රියාත්මක කරන බව යාල ගල්ගේ කලාප බාර අඩවි සහකාර දමිත් චන්දන මහානාම මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය දෙපස මෙම මාර්ගයේ ගමන් කරන්නන් විසින් දමා තිබූ කැලි කසල ඉවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.
බුත්තල කතරගම මාර්ගයේ වන සතුන්ට ආහාර ලබා දෙන්නන්ට එරෙහිව අද සිට නීතිය තදින්ම ක්‍රියාත්මකයි.
බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ නිරන්තරයෙන් දකින වන අලි දසුන
මාර්ගය අසළට එන්නේ ආහාර ලබා ගැනීමේ අරමුණින්.
මාර්ගයේ ධාවනය වන වාහනවල ඇතැම් පිරිස් වන අලියාට ආහාර දෙනවා
බලහත්කාරයෙන් හෝ ආහාර ලබා ගැනීමට උත්සහ දරණ වන අලියා
බුත්තල කතරගම මාර්ගයේ වන සතුන්ට ආහාර ලබාදෙන්නන්ට එරෙහිව දැඩි පියවර
නිකරුණේ වාහන නවතා තැබීම හා කැලි කසළ බැහැර කරන්නන්ට එරෙහිව නීතිය තදින්
කැළිකසල ඉවත් කිරීමේ වැඩසටහනක් ඊයේ දවස පුරා
අද සිට වන සතුන්ට ආහාර ලබාදීම, නිකරුනේ වාහන මාර්ගයේ නවතා තැබීම හා මාර්ගය දෙපස කැලි කසළ බැහැර කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා





