බීබීසී ආයතනය විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ කතාවක් සංස්කරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් සමාව අයැද තිබෙනවා.
කෙසේ වෙතත්, ට්රම්ප්ගේ වන්දි ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කිරීමටයි බීබීසී ආයතනය පියවර ගෙන ඇත්තේ.
බීබීසී ලෝක සේවයේ ‘Panorama’ නම් වැඩසටහනේදී ට්රම්ප්ගේ කතාවට සිදුකළ සංස්කරණය හේතුවෙන්, ජනාධිපති ට්රම්ප් ‘ප්රචණ්ඩ ක්රියාවක් සඳහා සෘජු ලෙස ඉල්ලා සිටියා’ යන වැරදි හැඟීමක් ප්රචාරය කල බවට බීබීසිය ට චෝදනා එල්ල වී තිබුනා.
මෙය සිදුවීයේ 2021 ජනවාරි 6 වැනි දින ජනාධිපති ට්රම්ප් කළ කතාවේ කොටස් කිහිපයක් එකට සම්බන්ධ කිරීමේ දීයි.
කෙසේ වෙතත් ට්රම්ප්ගේ නීතිඥයන් ඉල්ලා ඇත්තේ වාර්තා වැඩසටහන සම්පූර්ණයෙන් සහ සාධාරණව ඉල්ලා අස්කර ගැනීම, සමාව අයැදීම සහ සිදු වූ හානියට ජනාධිපති ට්රම්ප්ට සුදුසු පරිදි වන්දි ගෙවන ලෙසයි.
එසේ නොකලහොත් ඩොලර් බිලියන 1ක් වන්දියක් ඉල්ලා බීබීසී ආයතනයට නඩු පවරන බව ට්රම්ප්ගේ නීතිඥයන් පවසනවා.
මෙම සිදුවීමේ ප්රතිඵලයක් ලෙස, බීබීසී අධ්යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්රවෘත්ති ප්රධානී ඩෙබොරා ටර්නස් යන දෙදෙනා පසුගිය ඉරිදා ඉල්ලා අස්වුණා.





