දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමේ දී රජය රුපියල් බිලියන 1000ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දිට්වා සුළි කුණාටුවට අදාළ සහන කටයුතු සඳහා අවශ්‍ය හදිසි අරමුදල් සඳහා අනුමැතිය ලබා ගැනීමට අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ ඉල්ලීම පරිදි කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් මෙම විශේෂ රැස්වීම කැඳවනු ලැබුවා.





