මේ අතර බියගම පොලිස් වසමේ ගැමුණු මාවත ප්‍රදේශයේ කාමරයක කුලී පදනම මත රැඳී සිටි පුද්ගලයෙකුට තියුනු ආයුද වලින් පහරදී ඝාතනය කර තිබෙනවා
මරණකරු කුලී පදනම මත බියගම පොලිස් වසමේ පදිංචිව සිට ඇති අතර ඔහුට අයත් ත්‍රීරෝද රථය නවාතැන් ගෙන සිටි කාමරය ඉදිරිපිට ගිනි ගැනීමට ලක්වී ඇති බව දැක කාමරයෙන් ඉවතට පැමිණීමේ දී මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇති බවයි පොලිසිය මෙතෙක් සිදුකල විමර්ෂන වලදී අනාවරණය වුනේ
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
මෘතශරීරය මේ වන විට මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා
මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා





