අශෝක රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග පද්ධතියේ දෝෂයක් තිබූ බව වාහන පරීක්ෂණ වාර්තවේ සඳහන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා. ඔහු පැවසුවේ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවද අදාළ වාර්තාවේ සඳහන් බවයි.
කෙසේ වෙතත් රිය අනතුරකට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
සපුගස්කන්ද, දෙනිමුල්ල මංසන්ධියේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා ධාවනය කළ ජිප් රථය මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වූයේ පසුගිය 11 වැනිදායි.
එම අනතුරින් අනෙක් මෝටර් රථයේ ගමන් කළ බිළිඳෙකු ඇතුළු තිදෙනෙක් තුවාල ලැබුවා.
අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් අතර පසුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කළා.
මන්ත්‍රීවරයාගේ මූත්‍රා සහ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති අතර එම වාර්තා මෙතෙක් ලැබී නැතැයි පොලිසිය පැවසුවා.
අනතුරට ලක් වූ අශෝක රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ පරීක්ෂණ වාර්තාව පමණක් පොලීසිය වෙත ලැබී තිබෙනවා.
ඒ අනුව මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති අතර පා තිරිංග පද්ධතියේ යාන්ත්‍රික දෝෂයක් තිබෙන බවට එම වාර්තාවේ සඳහන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. මේ අතර අශෝක රන්වල මන්ත්‍රීවරයා අනතුරට ලක් වීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ද අදහස් පල වුණා.





