අද පස්වරු 3ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක නොකර අතහැර දැමුවා.
ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.
ප්‍රසාද ලකුණු 5ක් ලබා ගත් සිම්බාබ්වේ කණ්ඩායම, ශ්‍රී ලංකාව සමගින් බී කාණ්ඩය යටතේ සුපිරි 8දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් විමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සහ අයර්ලන්තයට සිදු වුණා.
ඔස්ට්‍රේලියාව t20 ලෝක කුසලාන තරගාවලියක මූලික වටයෙන් ඉවත් වුණේ 2009 වසරෙන් පසුවයි.





