පවතින වැසි සහිත කාළගුණ තත්වය හමුවේ බදුල්ල ස්ප්‍රින් වැලි පාරේ නිවසක ඉදිකරමින් තිබු බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූවෙක් රෝහල් ගත කෙරුණා.
මේ අතර ඊයේ පස්වරුවේ පැවති අධික වර්ෂාවත් සමග ගාල්ල නගරය ජලයෙන් යටවුණා.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වැසි ජලය බැස යාමේ පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.





