බදුල්ල – පස්සර මාර්ගයට පස් හා ගල් කඩා වැටෙමින් පවතියි

මේ අතර පවතින වැසි සමග බදුල්ල වේවැස්ස තේ වත්තේ කොටසක් නාය යාමකට ලක් විමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා.
අවදානම පවතින ස්ථානයෙන් බදුල්ල – පස්සර මාර්ගයට පස් හා ගල් කඩා වැටෙමින් පවතින බව අප වාර්තා කරු සදහන් කළා.
එම ස්ථානයන්හි වාහන ධාවනය තනි මං තීරුවකට සීමා කර ඇති අතර රිය පැදවීමේදී දැඩි විමසිල්ලේ පසුවිය යුතු බව බදුල්ල පොලිසිය සදහන් කරනවා.
මේ අතර පැවති අයහපත් කාලගුණය සහ මහවැලි ගඟ පිටාර ගැලීම නිසා සෝමාවතිය පූජා භූමියට පිවිසෙන මාර්ගය තවදුරටත් ජලයෙන් යටව පවතිනවා
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන වැව් හා ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

නමුත් ගංවතුර අවදානමක් නොමැති බැවින් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්.සුරියබණ්ඩාර පැවසුවා

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

Share