මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළා.
රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් සෑම සතියකම බදාදා දිනය රාජ්‍ය සේවකයින්ට නිවාඩුව දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
මැදපෙරදිග යුධමය වාතාවරණය හමුවේ බලශක්ති සැපයුම් මාර්ග අවහිර වීමත් සමඟ, පැවති බලශක්ති ප්‍රමාණයන් නිසි ලෙස කලමණාකරණය කර ගැනීමේ අරමුණින් බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සේවා සඳහා එම නිවාඩු දිනය වලංගු වුණා.
කෙසේ වෙතත් අද වන විට පවතින තත්ත්වය සලකා එම නිවාඩුව ලබන 8 වැනිදා සිට අවලංගු කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ රටේ අත්‍යවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යෑමේ අරමුණින් සෑම සතියකම බදාදා රජයේ කාර්යාලවලට ලබා දී ඇති නිවාඩුව අවලංගු කරන බවයි.





