බණ්ඩාරවෙල නගරයේ කාණුවකට ඉහලින් දමා ඇති කම්බි කූරු ආවරණයක දරුවෙකුගේ කකුලක් සිරවෙයි

බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විදුහල ඉදිරිපිට පිහිටා ඇති සුපිරි වෙළද සැලට ඇතුල්වන මාර්ගයේ කාණුවට ඉහලින් දමා ඇති කම්බි කූරු දෙකක් අතර දරුවෙකුගේ කකුලක් සිරවී තිබෙනවා.
මෙහිදී ඒ අසල සිටි ත්‍රිරෝද රථ රියදුරන් මහත් පරිශ්‍රමයක් දරා දරුවාගේ පාදය පිටතට ගෙන තිබූ අතර මේ සම්බන්ධයෙන් වෙළදසැල් හිමිකරු හා ව්‍යාපාරික ස්ථානය අයත් හිමිකරු දැනුවත් කළ ද තවමත් පියවරක් ගෙන නොමැති බවයි ත්‍රිරෝද රථ රියදුරන් පැවසුවේ.

Share