පසුගිය කන්නේ සිට බඩඉරිඟු වගාවන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය කපා දමා ඇති බව පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ මේ පිළිබද කෘෂිකර්ම අමාත්‍යවරයා දැනුවත් කළ ද මේ වන තෙක් ඊට විසදුමක් නොලැබුණු බවයි. පොළොන්නරුව අරලගංවිල කජුවත්ත ප්‍රදේශයෙ ගොවීන් මෙවර අක්කර දෙදහක් පමණ යලකන්නේ බඩඉරිඟු වගා කර තිබෙනවා
බඩ ඉරිඟු ගොවින් පවසන්නේ සෑම වසරකම සහ සෑම රජයක් විසින්ම ඔවුන්ට බඩ ඉරිඟු වගාවන් සදහා පොහොර සහනාධාරයක් ලබා දුන් බවයි
නමුත් පසුගිය කන්නේ සිට ඔවුන්ගේ බඩඉරිඟු වගාවන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය කපා දමා ඇතැයි ගොවීන් චෝදනා කරනවා.
ඒ පිළිබඳ පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම කන්නේ සිට නැවතත් ක්‍රමවත්ව බඩ ඉරිගු පොහොර සහනාධාරය ලබා දෙන බවයි
අමාත්‍යවරයා එසේ පවසා තිබුණත් ගොවීන්ට මෙතෙක් සහනාධාර මුදල් ලැබී නැහැ. හෙක්ටයාර් එකක් සදහ රුපියල් 15000 බැගින් මීට පෙර පොහොර සහනාධාරයක් සෑම බඩ ඉරිඟු ගොවියෙකුටම ලැබී තිබෙනවා.





