බගවන්තලාවේ පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුලු වාහන 20ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

බගවන්තලාව ප්‍රදේශයේ ධාවනය වන පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුලු වාහන 20ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා කටයුතු කළා
ඒ අනුව ලංගම බස් රථ 03ක්, පෞද්ගලික බස් රථ 08ක්, ත්‍රී රෝද රථ 09ක් ඇතුලු වාහන 20ක් ධාවනයට නුසුදුසු තත්ත්වයේ පැවති අතර එම වාහන දින 20 – ත් 30ත් අතර කාල සීමාවකට ධාවනයෙන් ඉවත් කෙරෙනු ඇති
නිසි නඩත්තුවක් නොමැතිව ධාවනය කෙරෙන වාහන මගින් අනතුරු සිදුවීමේ අවධානමක් පැවතීම නිසා මෙවැනි හදිසි පරික්ෂාවන් දිස්ත්‍රික්කය පුරා සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Share