බංග්ලාදේශ නව නායකයා හෙට දිවුරුම් දෙයි

මේ අතර, පසුගිය දා පැවැති මහ මැතිවරණයෙන් ජය ලැබූ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ සභාපති තාරික් රහ්මාන් හෙට එරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතයි.
ඒ සඳහා පැවැත්වෙන උත්සවය සඳහා අසල්වැසි රටවල් කිහිපයක නායකයින් සඳහා ආරාධනා කර තිබෙනවා.
කෙසේ වෙතත් ඊට ආරාධනා ලබා ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ සඳහා සහභාගි නොවන බවයි වාර්තා වන්නේ.
ඊට හේතුව ලෙස සඳහන් වන්නේ, 2026 AI Impact සමුළුව ආරම්භ වී තිබීම නිසා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ඉන්දීය සංචාරයයි.
ඒ වෙනුවට ලෝක් සභා කථානායක ඕම් බිර්ලා ඉන්දියාව නියෝජනය කරමින් බංග්ලාදේශ අගමැති ලෙස තාරික් රහ්මාන් දිවුරුම් දීමේ උත්සවය සඳහා සහභාගී වන බව සඳහන්.

Share