සිය විශ්‍රාම වැටුප් මියගිය පසු කිසිදු කප්පාදුවකින් තොරව යැපෙන්නන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් වෛද්‍ය හේතුමත විශ්‍රාම ගිය යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද පෙරවරුවේ බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක නිරත වුණා
ඔවුන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීම පොලිසිය වැළැක්වීමේ දී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් සංවිධාන කළ විරෝධතාවක් බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී අද පැවැත්වුණා. සිය විශ්‍රාම වැටුප ඔවුන් මියගිය පසු කප්පාදුවකින් තොරව යැපෙන්නන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් වෛද්‍ය හේතුමත විශ්‍රාම ලැබ සිටි යුද හමුදා සහ පොලිස් සාමාජිකයන් පිරිසක් ඊට එක්ව සිටියා. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් එය වළක්වනු ලැබූ අතර එහිදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. පසුව විරෝධතාකරුවන් තිදෙනෙකුට කතානායකවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණා.
පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එහි පැමිණ විරෝධතාකාරුවන් හමු වී සාකච්ඡා කළා.මෙම විශ්‍රාම වැටුප් අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.





