පොඩ් ලැසී ඉන්දියාවේ සිට අද අලුයම කටුනායක ගුවන්තොටුපලින් මෙරටට

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ අපරාධ චෝදනා එල්ල වී ඇති අරුමාහන්දි ජනිත් මධුසංඛ නොහොත් පොඩ් ලැසී ඉන්දියාවේ සිට අද අලුයම කටුනායක ගුවන්තොටුපලින් මෙරටට රැගෙන එනු ලබුවා.
එලෙස රැගෙන ආ පොඩි ලැසී වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට අද පෙරවරුවේ රැගෙන ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ අපරාධ චෝදනා එල්ල වී ඇති ජනිත් මධුසංඛ නොහොත් පොඩ් ලැසී අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. පොඩ් ලැසී මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ අපරාධ චෝදනා මත 2022 වසරේ සිට වසර දෙකකට වැඩි කාලයක් බූස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ රඳවා සිට්යා.
එම චෝදනාවලින් එකක් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ බන්ධනාගාර ඉහළ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධ නඩුවකට අදාළව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොඩි ලැසීට ඇප හිමිවුණේ 2024 දෙසැම්බර් 9 වැනිදායි.
ඉන් පසු ඔහු විදෙස් රටකට පලාගොස් ඇතැයි වාර්තා වුණා.

පසුව පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී 2025 වසරේ ජනවාරි 16 වැනිදා එරට ආරක්ෂක අංශ අත් අඩංගුවට පත් වන්නේ. නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු විමේ චෝදනා මතයි.

පොඩි ලැසීට එරෙහි නඩුව ඉන්දියාවේ මුම්බායි නුවර අධිකරණයක විභාග වු අතර නඩු විභාගය මීට දින කිහිපයකට පෙර අවසන් වුණා.

ඒ අනුව ඉන්දීය ආරක්ෂ අංශවල දැනුවත් කිරිම පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පොඩි ලැසී මෙරටට රැගෙන ඒම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියා.

අද පෙරවරුවේ මෙරටට රැගෙන ආ පොඩි ලැසී සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනුු ලබනවා.

Share