පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ප්‍රමුඛ පිරිසට තවදුරටත් රිමාන්ඩ්

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නමක් සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ, ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබූ පැමිණිල්ලට අදාළව පවතින නඩුවට අදාළවයි.

ත්‍රි‍කුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අදාළ නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළිත් කැඳවුණා.
ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම සහ සෙසු සැකකරුවන් හය දෙනා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් නියෝග කළේ සැකකරුවන් දසදෙනා ලබන 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. මේ අතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ද පැවැත්වුණා.

Share