මේ අතර රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙමින් 2026 නව වසරේ රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම අද උදෑසන සිදු කෙරුණා. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අද උදෑසන රාජකාරී ආරම්භ කළේ විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීමෙන් පසු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද උදෑසන රාජකාරී ආරම්භ කළා.
නව වසරේ රජයේ නිලධාරීන් ලබාදෙන “පුරවැසි ප්‍රතිඥාව” ලබාදීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යාංශය අද රාජකාරී ආරම්භ කළා. ඒ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. නව වසරට සමගාමීව ලංකා බැංකුවේ ප්‍රධාන ශාඛාව විසින් පවත්වනු ලබන වැඩ ආරම්භ කිරීමේ වැඩසටහන අද උදෑසන ලංකා බැංකු ප්‍රධාන ආර්යාලයේදීී සිදුවුණා.
2026 නව වසර උදාව නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී සර්වාගමික ආශිර්වාද වැඩසටහනක් සංවිධාන කර තිබුණා.
මෙහිදී ගුවන් හමුදාපතිවරයා විසින් නව වසර වෙනුවෙන් සිය සුභාසිංශන පණිවිඩය ඉදිරිපත් කිරීමෙන් පසු 2026 මාර්තු මස 02 දිනට යෙදි තිබෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නිර්මාණය කරන ලද නිළ ලාංජනය එළිදැක්වීමද සිදු කෙරුණා.





