පීඩන අවපාතය රටට ළංවෙයි

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම ගැඹුරු පීඩන අවපාතය අද පෙ.ව. 6 වනවිට මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථාපනය වෙමින් පවතින බවයි වාර්තා වුණෙ.

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද පෙ.ව. 6 වනවිට මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථාපනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම නිවේදනයේ සදහන් වන්නේ මෙම පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
එහි බලපෑම හේතුවෙන් උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

Share