පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මිය ගොස් 38කට අධික සංඛ්‍යාවක් අතුරුදහන්

පිලිපීනයේ සෙබු නගරයේ බිනාලිව් කුණු කන්ද කඩා වැටීමෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් 38කට අධික සංඛ්‍යාවක් තවමත් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිද්ධිය හටගෙන ඇත්තේ ඊයේ පස්වරු 4:33 ට පමණ බව සඳහන්.
සුන්බුන් යට සිරවී සිටින්නන් සොයා ගැනීමට සහ බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් රාත්‍රිය පුරා එම ස්ථානයේ කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පිලිපීන බලධාරීන්ට අනුව පුද්ගලයින් 12 දෙනෙකු බේරාගෙන ඇති අතර, අතුරුදහන් වුවන් සහ ජිවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව තවමත් නිශ්චිතව ගණන් බලා නැහැ.
විපතට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් කුණු කන්දේ සේවකයින් යැයි විශ්වාස කෙරෙන අතර කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share