පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට යම් අස්වැසිල්ලක් ලබා දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. T20 ලෝක කුසලාන තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකාව ලකුණු 20කින් අයර්ලන්තය පරාජය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාව තරමටම අයර්ලන්තයේ පරාජයට ඔවුන් අතින් ගිලිහී ගිය උඩපන්දු හත ද දැඩි ලෙස බලපෑවා. T 20 ලෝක කුසලාන තරගාවලියේ, දේශිය සංඛ්‍යාත ඔස්සේ නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි. T20 ලෝක කුසලානයේ B කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගි වු පළමු තරගය අයර්ලන්තය සමග ඊයේ පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.
ජය පරාජය දෙකම ඉවසන දස දහස් ගණනක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ඊයේ ක්‍රීඩාංගණයට පැමිණ සිටියේ සිංහයන්ගේ ලෝක කුසලාන ගමනට දිරි දෙන්නටයි. පටු හා පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණු සහිත සමහරක්ගේ අමනෝඥ ඉල්ලීමක් වු ප්‍රේක්ෂකාගාර හිස්කරමු සටන දිය කර හැරි විසිතුන් දහසකට අධික ක්‍රිකට් ක්‍රීඩාවට සැබවින්ම ආදරය කරන පිරිසකගෙන් ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සියලු ප්‍රේක්ෂකාගාර පිරී ගොස් තිබුණා. කාසිය වාසිය දිනා ගත් අයර්ලන්ත නායක Paul Stirling පන්දු යැවීම තෝරා ගත්තා. ශ්‍රී ලංකාව පවර් ප්ලේ පන්දුවාර හය තුල එක් කඩුල්ලක් දැවී ලකුනු 50ක් ලබා ගත්ත ද දඟ පන්දු යවන්නන් කැඳවීමත් සමග ඉනිම ඉතා මන්දගාමී වුණා. පන්දුවාර 16ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 104ක් ලෙසයි. අතහැරුණු උඩපන්දු අයර්ලන්ත ක්‍රීඩකයින් රැක ගත්තා නම් ඒ වන විට ලකුණු පුවරුව බොහෝ දුරට වෙනස් වන්නට ද ඉඩ තිබුණා.
කෙසේ වෙතත් පස්වැනි කඩුල්ලට කුසල් මෙන්ඩිස් සමග එක් වුණු කමිඳු මෙන්ඩිස් තරගයට අවශ්‍යව තිබූ ජීවය රැගෙන ආවා. ලකුණු 14ක් ලබා සිටියදී ලබා දුන් උඩපන්දුව අත්හැරීමේ පාඩුව අයර්ලන්තයට මැනවින් අවබෝ්ධ කරදුන් කමිදු පන්දු 19කින් ලකුණු 44ක් රැස් කළා. ලකුණු 34 දී උඩපන්දුවක් අත්හරිනු ලැබීමෙන් දෙවැනි අවස්ථාවක් ලැබූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56යි. අවසන් පන්දුවාර හතරේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 59ක් රැස් කර ගත්තා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලෙස දැක්වුණා.
අයර්ලන්ත පිළිතුරු ඉනිමට හොඳ ආරම්භයක් ලබා ගැනීමට මුල් පෙල සමත් වුණේ පන්දුවාර හතක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුනු 52ක් රැස් කර ගනිමින්. නමුත් වනිඳු කැඳවීමත් සමග අයර්ලන්ත ඉනිම කඩා වැටීම ආරම්භ වුණා. පන්දු දෙකක් යැවීමත් සමග පාදයේ ආබායකට ලක් වූ වනිඳු වේදනාව දරා ගෙනම පන්දුවාරය සම්පූර්ණ කළේ අවසන් පන්දුවේදී කඩුල්ලක් ද දවා ගනිමින්. ඉන්පසු මද වේලාවක් පිටියෙන් ඉවත් වූ වනිඳු යළි පැමිණ සිය පන්දුවාර හතරම සම්පූර්ණ කරමින් ලකුණු 25කට කඩුලු තුනක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ ද කඩුලු තුනක් දවා ගැනීමට සමත්වුණා. පන්දුවාර 19යි පන්දු 5කදී සියලු ක්‍රීඩකයින් දැවී යන විට අයර්ලන්තය රැස් කර ගෙන තිබුණේ ලකුණු 143ක් පමණයි. ඒ අනුව ලකුණු 20කින් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රේක්ෂකාගර හිස් නොකළ ක්‍රීඩාලෝලීන්ට ජයග්‍රහණයක් තෑගි කළා. කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා සම්මානය ලැබුවා. කමිඳු ශ්‍රී ලංක t20 සංචිතයට කැඳවනු ලැබුවේ කලකට පසුවයි. අවසන් වරට පැවති පාකිස්තාන තරගාවලියට හෝ එංගලන්ත තරගාවලියේ පළමු තරග දෙකේ දී ඔහු සංචිතයේ හෝ සිටියේ නැහැ. තරගයෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කමිඳු ගෙන් ඒ ගැන විමසනු ලැබුවා.





