පිරිවැයට වඩා අඩු ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ නැංවීම නිසා මසකට රුපියල් මිලියන 20ක පාඩුවක්

පිරිවැයට වඩා අඩු ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ නැංවීම නිසා මසකට රුපියල් මිලියන 20ක පාඩුවක් සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
සංස්ථාව මේ බව සඳහන් කළේ මාර්තු මාසය තුළ තුන්වන වරටත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සැලකිය යුතු අගයකින් ඉහළ නැංවූ පසුබිමකයි.
ඒ අනුව දින 20ක පමණ කාලයක් තුළ මෙරට ඉන්ධන මිල ගණන් ආසන්න වශයෙන් සියයට 35කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලකිය යුතු අගයකින් ඉන්ධන මිල ගණන් ඉහළ නංවනු ලැබුවා.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 81කින්.
ඒ අනුව රුපියල් 317ක්ව ලීටරයක නව මිල රුපියල් 398ක්
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 455ක්.
රුපියල් 79කින් ඉහළ දමා ඇති සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 382ක් වනවා.
සුපිරි ඩීසල් මිල ද රුපියල් 90කින් ඉහළ නවංනු ලැබුවා.
එහි නව මිල රුපියල් 443ක්.
රුපියල් 195ක්ව තිබුණු ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දමා තිබෙනවා
භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 255ක්.
සිපෙට්කෝ මිලට අනුරූප වන පරිදි ලංකා IOC සමාගම ද ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සුදු ඩීසල් මිල සංශෝධනය කර ඇති අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.
සිනොපෙක් සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 122කින් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව සිනොපෙක් පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 487ක් දක්වා ඉහළ යනවා
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 572ක්
මාසික මිල සංශෝධනය අනුව මාර්තු 01 වැනිදා හා ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන මාර්තු 09 වැනිදා ලෙස මීට පෙර දෙවරක් මේ මාසය තුළ ඉන්ධන මිල ඉහළ නැංවූවා.
ඒ අනුව රුපියල් 292ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල මේ මාසය තුළ රුපියල් 106කින් ඉහළ ගොස් තිබෙනවා.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය පසුගිය මාර්තු 09 වැනිදා රුපියල් 25කින් ඉහළ නැංවූ අතර මාසය තුළ සමස්ත වැඩිවීම රුපියල් 115ක්.
සුදු ඩීසල් මිල රුපියල් 105කින් ඉහළ ගොස් තිබෙනවා.
සිපෙට්කෝ සමාගමේ සුපර් ඩීසල් මිල මාර්තු මාසය තුළ වැඩි වී ඇති මිල රුපියල් 120ක්.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 73කින් වැඩි වී තිබෙනවා.
මේ අතර, QR කේතය යටතේ සතියක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ද අද සිට ඉහළ නැංවූවා.
ඒ අනුව මෝටර් රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ දමා තිබෙනවා.
මෙතෙක් ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 5කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව අද සිට ත්‍රිරෝද රථයකට සතියකට හිමිවන ඉන්ධන ප්‍රමාණය ලීටර් 20ක්.
මීට පෙර වෑන් රථ සඳහා සතියකට ලබාදුන් ලීටර් 40ක ප්‍රමාණය ලීටර් 50 දක්වා ලීටර් 10කින් ඉහළ දමා තිබෙනවා.
යතුරුපැදි සඳහා නව ඉන්ධන කෝටාව ලීටර් 8ක්.
බස් රථ සඳහා ලබා දුන් ලීටර් 60ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 100 දක්වා ඉහළ නංවා තිබෙනවා.
නව ඉන්ධන මිල සංශෝධනයට අනුව සිපෙට්කෝ පිරවුම්හලකින් මෝටර් රථයක් සඳහා ඔක්ටේන් 95 පෙට්‍රල් ලබා ගන්නා පාරිභෝගිකයෙකුට සම්පූර්ණ කෝටාව ලබා ගැනීම සඳහා වැයවන මුදල රුපියල් 11,375ක් වනවා.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලබා ගන්නා මෝටර් රථයක් සඳහා වැය වන මුදල රුපියල් 9950ක්.
ත්‍රිරෝද රථයක් සඳහා සතියේ පෙට්‍රල් ‍කෝටාවට වැය කළ යුතු මුදල මුදල රුපියල් 7960ක්.
යතුරුපැදිකරුවෙකට සතියට හිමි ලීටර් 8ක කෝටාව සඳහා රුපියල් 3184ක් වැය කළ යුතුයි.
ඉන්ධන කෝටාව ඉහළ නංවා ඉන්ධන මිලත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් වාහන හිමියන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ධීවර ජනතාව ද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

මේ අතර, නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 2200ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ නිවසක තිබී මෙම ඩීසල් තොගය සොයා ගෙන තිබූ අතර, ඒවා ලීටර් 200 යේ බැරල් 11ක ගබඩා කර තිබූ බව පොලිසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ඩීසල් තොගය හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. තීන්දුවසපුගස්කන්ද අත්අඩංගුවට ගැනීම

මේ අතර ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග මෙරටට ලැබෙන බැවින් අඛණ්ඩ විදුලි සැපයීම කෙරෙහි බලපෑමක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

Share