ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ යුදෙව් ආගමික උත්සවයකට වෙඩි තැබූ වෙඩික්කරුවන් පිය පුතු දෙපලක් බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 40 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි ජනප්‍රිය බොන්ඩායි මුහුදු වෙරළේ පැවති යුදෙව්වන්ගේ හනුක්කා උත්සවයේ පළමු දිනය වූ ඊයේ වෙඩි තැබීමක් සිදුවුණා.
වෙඩික්කරුවන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම කළ අතර සිද්ධියෙන් 15 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.
පොලිස් නිලධාරීන් ඇතුළු තවත් 42දෙනකු තුවාල ලැබුවා.
ප්‍රහාරයට පැමිණි බව කියන තුවක්කුකරුවකු පොලීසිය සමඟ පසුව ඇති කරගත් වෙඩි හුවමාරුවකදී මිය ගිය අතර බරපතළ තුවාල ලැබූ අනෙකා රෝහල්ගත කර සිටිනවා.
සජීඩ් අක්‍රම් සහ නවීඩ් අක්‍රම් ලෙස හඳුනා ගත් ඝාතකයන් පිය පුතු යුවලක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
සජීඩ් අක්‍රම් 50 හැවිරිදි වියේ පසු වූවෙක් වන අතර 1998 දී ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණි පාකිස්තාන ජාතිකයෙක්.
ඔහු පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවේ දී මිය ගිය අතර ඔහු සතුව තිබී ගිනි අවි 6ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.
රෝහල්ගතව සිටින නවීඩ් අක්‍රම් 24 හැවිරිදි වියේ පසුවන අතර ඔහු උපත ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ දී.
මේ අතර ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් ඇතැම් පිරිස් බොන්ඩායි වෙරළ තීරයේ මල් තබා ශෝකය පල කර ඇති අයුරු දක්නට ලැබුණා.
මේ අතර සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු වූ බවක් වාර්තා නොවන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිඩ්නි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය මේ සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව පසුවන බවයි.





