පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට කුඹුරු හෙක්ටයාර් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා
මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ මස අවසන් වීමට පෙර වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීම අවසන් කරන බවයි.
දිට්වා සුළි කුනාටුවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් ගල්ඔයෙහි ඉවුරු කැඩී නෙයිනකාඩු ප්‍රදේශයේ කුඹුරු අක්කර සිය ගනනක් වැලිවලින් පිරී විනාශ වී ඇති බව ගොවීන් පවසනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී ගල්ඔයෙහි ඉවුර තාවකාලිකව සකස් කර ගංවතුර ත්ත්වය පාලනය කළ බවයි ගොවීන් පැවසුවේ.
මේ අතර පසුගිය දිනවල ඇද හැදුනු අධික වර්ෂාවත් සමඟ කුඩා ඔය අමුණ පිටාර ගැලීමෙන් මහවැලි බී කලාපයට අයත් අරලගන්විල ප්‍රදේශයේ ගොවීන් පීඩාවට පත්ව සිටිනවා
මෙතෙක් ඔවුන්ගේ වගා භූමි නිරීක්ෂණය කිරීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙක් පැමිණ නොමැති බවයි ගොවින් චෝදනා කළේ. මේ අතර ගංවතුරින් හානි වූ මාලඹේ ප්‍රදේශයේ කුඹුරු බිම් වල නැවත වී වගා කිරීම අද ආරම්භ කෙරුණා.
“ගොවි රජුනි යළි නැගිටිමු”තේමාව පෙරදැරි කරගෙන ගොවීන් විසින් ගල්නෑව හුරිගස්වැව වෙල් යායේදී කුඹුරු යළි අස්වැද්දනු ලැබූ අවස්ථාවට කෘෂිකර්ම පශුසම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා ද එක්වුණා. මේ අතර පැවැති ආපදා තත්ත්වය හේතුවන් මෙරට කුඹුරු හෙක්ටයාර් ලක්ෂයකට වැඩිය විනාශ වී ඇති බව කෘෂි කර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා
ඔහු පැවසුවේ මේ මස අවසන් වීමට පෙර වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවා අවසන් කරන බවයි.





