පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත් පෙති සමග සැකකරුවෙකු අත්අඩංගුවට

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත් පෙති එක් දහස් තුන්සිය හතළිහක් සමඟ සැකකරුවකු ඊයේ පස්වරුවේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ කොස්ගොඩ පොලිසියේ දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුවයි. මෙහිදී පොලිස් භාරයට ගත් මත් පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට අධික බවයි පොලීසිය සදහන් කළේ.

Share