පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට

යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් කාන්තාවකට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පොලිස් අත්ඩංගඅවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යාපනය ඉලවාලී පොලිසිය වෙත කැඳවා තිබූ මන්ත්‍රීවරයා එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කිලිනොච්චි, ධර්මපුරම් ප්‍රදේශයේදී වයස අවුරුදු දෙකක් වන දැරියක් රුපියල් පනස්දහසක මුදලකට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය මේ වන විට පොලිස් භාරයේ පසුවනවා.

තණමල්විල පොලිසිය, ගුවන් හමුදාවේ ද සහයෙන් යාල රක්ෂිතයේ කළ ඒකාබද්ධ මෙහෙයුමකදී අක්කර දෙකක භූමි ප්‍රදේශයක කංසා හේනක් පවත්වා ගෙන ගිය සැකකරුවෙන් දෙදෙනෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලවාය සිට හැටන්, ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් එහි රියදුරා සහ රිය සහයකයා බරපතළ තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කෙරුණා.
ලොරි රථයේ රියදුරා අනතුර සිදුවන අවස්ථාවේදීත් හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර සිට තිබූ බව ඔහුගේ රුධිර සාම්පල පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර, ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් හෝ නොතිබූ බව ද පොලිසිය සඳහන් කළා.

පන්නිපිටිය, රත්මල්දෙනිය සිරි ජිනසිරි දහම් පාසලේ වාර්ෂිකව සංවිධාන කරනු ලබන රත්මල් සූර්ය මංගල්‍යය අලුත් අවුරුදු උත්සවය මෙවරත් විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් දෙවන වරටත් සංවිධාන කළ බක්මහ උළෙල අඹතලේ අරීනා ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා



Share