පායාගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් හැපී අනතුරක්

පායාගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා.
අනතුරින් තිදෙනෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද උදෑසන බෙලිඅත්තේ සිට මරදාන බලා ගමන් ආරම්භ කළ ගාලු කුමාරි දුම්රිය 7.30 පමණ වන විට කළුතරට පැමිණ තිබුණා.
මෙම අනතුර සිදුව තිබුණේ කළුතර පයාගල දුම්රිය හරස් මාර්ගයකදී,
දුම්රියේ ගැටීමෙන් පසු කැබ් රථය මීටර් 200 ක පමණ දුරක් ඇතට ඇදී ගොස් තිබුණා.
අනතුර සිදු වන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් තිදෙනාම තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකරන අතර ආරක්ෂිත ගේට්ටුවක් හෝ සවිකර නැහැ.

Share