පාත්ෆයින්ඩර් පදනම විසින් සංවිධානය කරන ඉන්දියන් සාගර ආරක්ෂක සමුළුව අද කොළඹ දී

පාත්ෆයින්ඩර් පදනම විසින් හතරවැනි වරට සංවිධානය කරන ඉන්දියන් සාගර ආරක්ෂක සමුළුව අද කොළඹ දී ආරම්භ වුණා.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම ආරක්ෂක සමුළුවට තානාපතිවරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයනන්, විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
ඉන්දියන් සාගර කලාපයේ පැන නැගී එන ආරක්ෂක ප්‍රවණතා, ආර්ථික අභියෝග සහ පාරිසරික ගැටලු පිළිබඳව මෙම සමුළුවේදී විශේෂ අවධානය යොමු කෙරෙන බව සංවිධායකයන් පවසනවා.

Share