පාකිස්තානයේ පේෂාවර් හි පැරා මිලිටරි මූලස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්.

පාකිස්ථානයේ පේෂාවර් හි පිහිටි පැරා මිලිටරි බලකායේ මූලස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
බෝම්බකරුවන් තිදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන් මූලස්ථානයට ඇතුලු වී පසුව බෝම්බ පුපුරුවාගෙන ඇතැයි සඳහන්.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සන්නද්ධ කණ්ඩායමක් භාරගෙන නැහැ.

Share