පාකිස්තානයේ දේවස්ථානයක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් හි දේවස්ථානයක් තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

තවත් 169 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන්.

සිකුරාදා දහවල් යාඥා මෙහෙය අතරතුර ෂියා ආගමික ස්ථානයක ප්‍රධාන ගේට්ටුව අසළ ප්‍රහාරය සිදුව තිබෙනවා.

ඉස්ලාමාබාද්හි ද ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, ආරක්ෂක නිලධාරීන් විසින් දොරටුව අසලදී ප්‍රහාරකයා නැවැත්වීම හේතුවෙන් ඔහුට බැතිමතුන් රැස්ව සිටි ප්‍රධාන ශාලාවට ඇතුළුවීමට නොහැකි වූ බවයි.

ඉස්ලාමාබාද්හි මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීම පකිස්ථාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි විසින් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බව සර්දාරි පවසනවා

පසුගිය වර්ෂයේ නොවැම්බර් 11 වන දින ඉස්ලාමාබාද්හි දිස්ත්‍රික් අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මාස තුනකටත් අඩු කාලයකට පසු මෙම ප්‍රහාරය සිදුවුණා.

Share