පාකිස්තානයේ තුන්කොන් තරගාවලියේ දෙවැනි තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක්

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ දෙවැනි තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම අවමන් සහගත පරාජයක් ලැබුවා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කර ගත් හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

ජනිත් ලියනගේ නොදැවී ලකුණු 41යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු තුනක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තා.
Sahibzada Farhan නොදැවී ලකුණු 80ක් රැස් කළා.

තරගාවලියේ පළමු වටය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටින්නේ තරග දෙකම අවමන් සහගත ලෙස පරාජය වෙමින්.

Share