ප්‍රවීණ මාධ්‍යවේදි ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි 

මෙරට ප්‍රවීණ ආරක්ෂක තොරතුරු විශ්ලේෂකයෙකු සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා

මියයන විට ඔහු 81 හැවිරිදි වියේ පසු වූ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පතේ උපදේශක කර්තෘවරයකු වශයෙන් ලෙස ඔහු මිය යන තෙක්ම කටයුතු කළා.

ඔහුගේ දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු දෙහිවල මුස්ලිම් පල්ලියේ දී අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

Share