ජාතික ක්රිකට් තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ප්රමෝද්ය වික්රමසිංහ මහතා පත්කර ඇතැයි තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යංශය නිවේදනය කරනවා.
කාරක සභාවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝතන් ජෝන් සහ රසාංජලී ද අල්විස් යන මහත්ම මහත්මීන්.





