තවදුරටත් ප්‍රමාද වීමට පෙර තමන් සමග ගිවිසුමක් ඇති කරගන්නැයි ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාවට දැනුම් දී තිබෙනවා.
එසේ නොමැති වුවහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සුදානම් වන ලෙස ට්‍රම්ප් කියුබාවට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දිගුකාලීන මිතුරෙකු වන වෙනිසියුලාව දිනකට තෙල් බැරල් 35,000 ක් පමණ කියුබාවට යවන බව සඳහන්.
කියුබා විදේශ අමාත්‍යවරයා ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන් බාධාවකින් තොරව ඉන්ධන ආනයනය කිරීමේ අයිතිය රඳවාගෙන ඇති බවයි.
එමෙන්ම තම රට සිදු කළ යුතු දෑ කිසිවෙකු නියම නොකළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.





