ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මහතා ඇතුළු පක්ෂයේ නියෝජිතයන් පිරිසක් “සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ” ආරාධනයකට අනුව අද පෙරවරුවේ නවදිල්ලිය බලා පිටත්ව ගියා.
මෙම සංචාරයේදී නියෝජිත පිරිස නවදිල්ලියට අමතරව ගුජරාට් හා කේරළ ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රන්තයන්හි මහ ඇමතිවරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය නිවේදනය කළා.
ඊට අමතරව ඉන්දියාවේ කෘෂිකර්මාන්ත, කාර්මික සහ තාක්ෂණික සංවර්ධනයට අදාළ මධ්‍යස්ථාන නැරඹීමටද නියමිතයි.





