ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 75ට වැඩි වැසි

දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටි අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 75ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
කෙසේ වෙතත්, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ යම් ආපදාවක් ඇතිවුවහොත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන කරා යෑමට ප්‍රවාහන පහසුකම් සැපයීමට සැලසුම් කර ඇති බවයි.

අද දින සිට ඉදිරි දින වල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන අතර, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව අනාවැකි පල කර තිබෙනවා.

මේ අතර, අද සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ ඉදිරි විභාග කාලසීමාවේදී යම් ආපදාවක් ඇතිවුවහොත් දරුවන්ට කිසිදු බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් අවශ්‍ය සියලුම ප්‍රවාහන පහසුකම් ලබාදීමට සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

Share