ජාතික ආරක්ෂක නීතිය යටතේ පනවනු ලැබූ නඩුවේදී වැරදිකරුවන් ප්‍රජාතන්ත්‍ර හිතවාදී ක්‍රියාකාරීන් 12 දෙනෙකුගේ සියලු අභියාචනා හොංකොං අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම අභියාචනා ඉදිරිපත් කෙරුනේ “හොංකොං 47” නඩුව සඳහා වන අතර, එහිදී 2021 මුල් භාගයේදී ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයන් රැසක් සමූහ වශයෙන් අත්අඩංගුවට ගෙන කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට ලක් වුණා.
ඉන්පසු 2024 අගභාගයේදී වසර 4 ත් 10 ත් අතර සිර දඬුවම් නියම කරන ලද අතර තවත් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා.





