හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද උදෑසන වාහන කිහිපයක් ගැටී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්ධන පිරවුම්හලේ සිට අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීම වැලැක්වීමට ගිය බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසුවා.
හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද උදෑසන රිය අනතුරක් සිදුව තිබෙනවා.
ඉන්ධන පිරවුම්හලේ සිට අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීම වැළැක්වීමට මාර්ගයේ එම දිශාවෙන් පැමිණි පෞද්ගලික බස් රථයක් ගත් උත්සාහයේ දී එය අසළ නවතා තිබූ ලොරියක ගැටී ඇතැයි පොලිසිය පැවසුවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ තිදෙනා අතර සිටි ත්‍රි රෝද රථයේ රියදුරු පසුව ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන පෞද්ගලික බස් රථයේ රියදුරුගේ තත්ත්වය ද බරපතල බව රෝහල් ප්‍රකාශකයා පැවසුවා.
එමෙන්ම අනතුරින් තුවාල ලැබූ පෞද්ගලික බස් රථයේ සිටි තවත් පුද්ගලයන් සිව්දෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
මේ අතර වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී අද පෙරවරු 7.30ට පමණ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථ දෙකෙහිම මගීන් සිට නොමැති අතර, අනතුරින් එක් බස් රථයක රියදුරු තුවාල ලැබුවා.
ඔහු මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර ශ්‍රී පාද වන්දනාවේ පැමිණ පිරිසක් ආපසු යමින් සිටි මෝටර් රථයක් නෝටන්බ්‍රිජ් ලක්ෂපාන ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලැබුවා.
ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කෙරුණු ඔවුන් අතුරින් දෙදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.





