පන්දු පහළොවකින් සැමරු පහළොස් වැනි උපන්දිනය

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගය රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ගුවහාති හි දී ඊයේ පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට චෙන්නායී කණ්ඩායමට ආරාධනා කළා.
නමුත් සියලු දෙනා දැවී ඔවුන්ට රැස්කර ගත හැකිවූයේ ලකුණු 127ක් පමණයි.
පළමු කඩුලු 4 ලකුණු 38ක් තුළ දැවී ගිය ‍‍චෙන්නායී ඉණිම යම් ගෞරවණීය ලකුණු පුවරුවක් කරා රැගෙන ගිය ජේමි ඕවර්ටන් , පන්දු 36කින් ලකුනු 43ක් රැස්කර ගත්තා.
පන්දු යැවීමේදී ජොෆ්ර ආචර් , නන්ද්‍රේ බර්ගර් සහ රවීන්ද්‍ර ජඩේජා අතරේ කඩුළු 3 බැගින් බෙදී ගියා.
ලකුණු 128ක පහසු ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි සත්කාරකයින් පන්දුවාර 12යි එක් පන්දුවක් තුළදී කඩුළු 2ක් පමණක් දැවී ජයග්‍රාහී කඩයිම පසු කළා.
එහිදී ප්‍රහාරාත්මක පිතිකරනයක නියැලුණු වෛභව් සූර්යවංශි පන්දු 17ක් තුළදී ලකුණු 52ක් රැස්කළා.
15 හැවිරිදි යොවුන් ක්‍රීඩකයා අර්ධ ශතකය සම්පූර්ණ කළේ පන්දු 15කින්.
ඔහුගේ ඉණිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වුනා.
තරගාවලියේ සිව්වැනි තරගය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර නිව් චන්දිගාර් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7.30ට පැවැත්වෙනවා.

Share