පන්දුවාර විස්ස තුන්කොන් තරඟාවලියේ 6 වන සහ අවසන් තරඟය අද

ශ්‍රී ලංකාව-සිම්බාබ්වේ සහ සත්කාරක පාකිස්ථානය අතර පවැත්වෙන පන්දුවාර විස්ස තුන්කොන් තරඟාවලියේ 6 වන සහ අවසන් තරඟය අද රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය අතිශයින් තීරණාත්මකයි.
අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන්කරවා ගැනීමට නම්, ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා.
මේ වන විටත් තරඟාවලියේ අපරාජිතව සිටින පාකිස්ථාන කණ්ඩායම, සියලුම තරඟ ජයගෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන අවසන්.
ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවහොත්, ඔවුන් නැවතත් පාකිස්ථානය සමඟ සෙනසුරාදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී හමු වෙනු ඇති.
පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලබාගත්, ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය දක්ශතා සම්බන්ධයෙන් යම් විශ්වාසයකින් පසුවනවා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 6.30ට ආරම්භ වීමට නියමිතයි.

Share