පකිස්ථාන් – ඇෆ්ගන් දේශසීමාව අසල අන්තවාදීන්ගේ බලකොටු හතකට පහර දුන් බව පාකිස්තාන රජය පවසනවා.
ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය පවසන්නේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් රැසක් මෙම ප්‍රහාරවලින් මිය ගිය බවයි.
ඉස්ලාමාබාද් අගනුවර මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඇතුළු ත්‍රස්ත ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.





