පකිස්ථානය කාබුල් ප්‍රහාර දියත් කර තලේබාන්වරුන්ට එරෙහිව විවෘත යුද්ධයක් ප්‍රකාශ කරයි

පකිස්ථානය ඇෆ්ගනිස්ථානයට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමත් සමඟ ඇෆ්ගනිස්ථානයේ කාබුල්, කන්දහාර් සහ පක්ටියා වෙත බෝම්බ ප්‍රහාර මාලාවක් දියත් කිරීමට පාකිස්තාන හමුදාව කටයුතු කළා.
පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් X හි සටහනක් එක් කරමින් සඳහන් කර ඇත්තේ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථාන තලේබාන් රජය අතර දැන් විවෘත යුද්ධයක් පවතින බවයි.
මෙම ප්‍රහාරවලින් පසු තලේබාන් සටන්කාමීන් 274 දෙනෙකු මිය ගොස් ඇති බවත්, පාකිස්තාන සොල්දාදුවන් 55 දෙනෙකු මිය ගිය බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ජාත්‍යන්තර නීතිය යටතේ අවශ්‍ය පරිදි සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසත්, රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් ඕනෑම මතභේදයක් විසඳා ගැනීමට දිගටම උත්සාහ කරන ලෙසත් දෙපාර්ශ්වයෙන් ඉල්ලා තිබෙනවා.
මේ අතර, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර පවතින දැඩි ආතතීන් හේතුවෙන්, ත්‍රස්තවාදී තර්ජනවලට ප්‍රතිචාර වශයෙන් පාකිස්තාන ආරක්ෂක හමුදා ප්‍රධාන නගරවල ආරක්ෂාව වැඩි කර තිබෙනවා.

Share