නේපාලයේ හිටපු අගමැති කේ.පී. ෂර්මා ඔලි පසුගිය වසරේ විරෝධතා මර්දනයට සම්බන්ධ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය සැප්තැම්බරයේ ඇති වුණු තරුණ අරගලයේදී 70 කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මිය ගියේ පොලිසිය විසින් වෙඩි තබනු ලැබීමෙන්.
නොසන්සුන්තාව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද මණ්ඩලයක් විසින් සාපරාධී නොසැලකිල්ල සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බව නිර්දේශ කිරීමෙන් පසු, හිටපු අගමැතිවරයාට අමතරව හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛැක් ද අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අර්බුදයෙන් පසු පැවති මැතිවරණය ජයගනිමින් රටේ නව අගමැති හිටපු රැප් ගායක බාලෙන් ෂා දිවුරුම් දී දිනකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා.
පසුගිය වසරේ නේපාල තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතාවලදී කැපී පෙනුණ තරුණ නායකයා වූ ෂා, එරට අගමැති ධුරයට පත්වෙන්නේ තරුණ අරගලයෙන් පසු පැවති පළමු මහ මැතිවරණයෙන් තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් සමග අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබමින්.
35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා, නේපාලයේ සම්ප්‍රදායික දේශපාලනයේ පැවති දූෂණයට ඥාති සංග්‍රහයට සහ ප්‍රභූ පාලනය එරෙහි තරුණ ව්‍යාපාරයේ හඬ බවට පත්වූයේ ඔහුගේ රැප් ගායනා ඔස්සේයි.
සිකුරාදා අගමැති ධුරයේ දිවුරුම් දීමට පෙර නේපාලයේ අනාගතය පිළිබඳ ශුභවාදී හැඟීමෙන් පිරුණු ගීතයක් නිකුත් කළ හිටපු රුප් ගායකයා නොබෙදුණු, දියුණු නේපාලයක් වෙනුවෙන් ඔහුගේ කැපවීම යළි අවධාරණය කළා.
නිකුත් වී පැය කිහිපයක් ඇතුළත ඔහුගේ නව ගීතය මිලියන දෙකකට අධික පිරිසක් නරඹා තිබුණා.
පාකිස්තානය සමඟ ඇති වූ ගැටුමෙන් පසු තම හමුදා නවීකරණයේ පියවරක් ලෙස ඉන්දියාව ප්‍රවාහන ගුවන් යානා, රුසියානු S-400 මිසයිල පද්ධති සහ දුරස්ථව හැසිරවිය හැකි ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 25 ක යෝජනා අනුමත කර තිබෙනවා.
ගුවන් හමුදාව සඳහා තවත් ප්‍රංශ රෆේල් ප්‍රහාරක ජෙට් යානා සහ නාවික හමුදාව සඳහා බෝයිං P-8I නිරීක්ෂණ ගුවන් යානා මිලදී ගැනීම සඳහා පසුගිය මාසයේ ඩොලර් බිලියන 40 ක් අනුමත කිරීමට අමතරව මෙම තීරණය ක්‍රියාත්මක වනවා.
සමස්තයක් වශයෙන්, මාර්තු 31 වන දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාව රුපියල් ට්‍රිලියන 6.73 ක් වටිනා යෝජනා 55 ක් අනුමත කර ඇති අතර තවත් යෝජනා 503 ක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර, එය මූල්‍ය වර්ෂයක ඉහළම ආරක්ෂක මිලදී ගැනීම් වනවා.
දශක ගණනාවක් තිස්සේ ඉන්දියාව බොහෝ දුරට සෝවියට් යුගයේ උපකරණ නවීකරණය කරමින් සිටින අතර මේ වන විට ප්‍රංශය, ඊශ්‍රායලය, එක්සත් ජනපදය සහ ජර්මනිය ඇතුළු නව ප්‍රභවයන් වෙත වැඩි වැඩියෙන් යොමු වෙමින් සිට්නවා.
මෑත වසරවලදී, ඉන්දියාව තනිවම හෝ විදේශීය හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් අවි ආයුධ, ඩ්‍රෝන යානා සහ ප්‍රහාරක ජෙට් සිට සබ්මැරීන දක්වා සියල්ල සිය රටේදී නිෂ්පාදනය කිරීමට පෙළඹී තිබීමත් විශේෂත්වයක්.
දේශසීමාව ඔස්සේ ඇෆ්ගනිස්තානයේ ඉලක්ක වෙත පාකිස්තානය එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් දෙදෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි ඒපී පුවත් සේවය වාර්තා කරනවා.
ඇෆ්ගන් බලධාරින් පැවසුවේ පාකිස්තානය දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළ බවයි.
ඒ අනුව ඇෆ්ගන් හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් පාකිස්තාන හමුදා මුරපොළ කිහිපයක් විනාශ වූ බවද සදහන්.
පාකිස්තානය චෝදනා කළේ ඇෆ්ගන් හමුදාව ගැටුමට මුලපිරූ බවයි.
ඊදුල් ෆිතර් සැමරුම් හේතුවෙන් දෙරට තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණා.
පාකිස්තානයේ විදේශ කාර්යාලය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ඇෆ්ගන් තලේබාන් සංවිධානයට එරෙහි ආරම්භ කළ ගසබ් ලිල්-හක් මෙහෙයුමේ තාවකාලික විරාමය අවසන් වී ඇති බවත්, මෙහෙයුම “එහි අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක්” පවතින බවත්ය.





