නේපාලය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8 ජයක්

ආසියානු කුසලාන 19 පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ නේපාලය සමග පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කින් ජය ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාල ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 82ක් පමණයි.

සෙත්මික සෙනෙවිරත්න ලකුණු 25කට කඩුලු 5ක් බිඳ දැමුවා.

15 වැනි පන්දුවාරයේදී ලකුණු 84ක් ලබා ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තා.

Share