නේපාලයේ රැප් ගායක-නගරාධිපති බාලේන්ද්‍ර ෂා අගමැති වීමට නියමිතයි

පසුගිය සැප්තැම්බරයේ නේපාලයේ තරුණයින් විසින් මෙහෙයවන ලද ඓතිහාසික මහජන අරගලයකින් පසු එවකට අගමැති කේ.පී. ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමෙන් පසු පැවති පළමු මහමැතිවරණයෙන් බලය හිමි කර ගැනීමට රැප් ගායකයෙක් වූ කත්මන්ඩු නගාරාධිපති බාලේන්ද්‍ර ෂා සමත් ව තිබෙනවා.
35 හැවිරිදි ඔහු නායකත්වය දුන් ජාතික ස්වාධීන පක්ෂය සෘජු ඡන්දයෙන් තෝරා ගනු ලබන ආසන 165න් ආසන 124ක් දිනා ගත් අතර සමානුපාතික නියෝජනයෙන් ආසන 58ක් දිනා ගත්තා.
නේපාල කොංග්‍රසයට හිමිවූයේ සමස්ත ආසන 36ක් පමණයි.
2022 දී කත්මණ්ඩු අගනුවර නගරාධිපති ධුරයට පත් වූ ෂා හිමාලයානු දේශයේ මීළඟ අගමැති ලෙස දිවුරුම් දෙනු ඇති.

Share