මෑත කාලයේ මෙරටින් වාර්තා වූ අවම උෂ්ණත්වය අද නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ සෙල්සියස් අංශක 3.5ක් ලෙසයි.
මීට සමගාමීව බණ්ඩාරවෙල, බදුල්ල, කටුගස්තොට යන ප්‍රදේශවලද උෂ්ණත්වය කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම ලබාගත් වාර්තා අනුව නුවරඑළියේ උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 3.5ක් ලෙසින්.
ඒ අනුව හිමිදිරියේ නුවරඑළියේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත වී තිබූ බව ද අප වාර්තාකරුවන් පැවසුවා.
එමෙන්ම අද පෙරවරුවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ සෙල්සියස් අංශක 11.5ක් ලෙසත්, බදුල්ල ප්‍රදේශයේ සෙල්සියස් අංශක 15.1ක් ලෙසත් කටුගස්තොට ප්‍රදේශයේ සෙල්සියස් අංශක 15.9ක් ලෙසත් අඩු උෂ්ණත්ව අගයන් සටහන්ව තිබුණා.
පසුගිය පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන්. මේ අතර කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.





