ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ එ්කාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරනු ලබන ජන රැළිය සඳහා තමන්ද සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මහනුවර, ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහි සංවිධායකයින් මීට පෙර පවසා තිබුණේ රැළිය සඳහා හිටපු ජනාධිපතිවරු කිසිවෙක් හෝ සහභාගී නොවන බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මහනුවර, ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ගිලන්පස පූජාමය පිංකමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
එම අවස්ථාවට සර්වජන බලය පක්ෂයේ ………… හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ද එක්ව සිටියා. පිංකම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්වුණා.





