2026 වසරේ අයවැය යෝජනා අතර තිබූ වතුකම්කරුවන්ගේ වැටුප් රුපියල් 1700ක් දක්වා ඉහළ දැමිමට රජය විසින් ලබාදෙන රුපියල් 200ක දෛනික දිරිදිමනාව ට කිසිදු නීතියානුකූල භාවයක් නොමැති බව රාජ්‍ය මුදල් පිලිබඳ කාරක සභාවේ දී අනාවරණය වුණා.
මේ බව අනාවරණය වුයේ මුදල් අමාත්‍යංශයේ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිළධාරීන් රාජ්‍ය මුදල් පිලිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේ දීයි.





