නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් අම්පාර ප්රදේශයේ බඩඉරිඟු ගොවීන් අස්වැන්න සමග වගා බිම් විනාශ කර ඇතැයි වාර්තා වනවා.
අතරු බෝගයක් ලෙස බඩ ඉරිඟු වගා කළ ගොවීන් මෙලෙස වගා බිම් විනාශ කර ඇත්තේ මීළඟ කන්නයේ වී වගාවට බිම් සකස් කර ගැනීම සඳහායි.
අම්පාර උහන ප්රදේශයේ ජීවත් වන බොහෝ පිරිසක් වී වගාවෙන් අනතුරුව අතුරු බෝගයක් වශයෙන් බඩ ඉරිගු වගා කරනවා.
මෙවර අක්කර දෙසීයක පමණ බඩ ඉරිඟු වගා කර ඇතැයි වාර්තා වුණා.
කෙසේ වෙතත්, ආනයනික බඩ ඉරිඟු වෙළෙඳපොළේ බහුල වීම හේතුවෙන් තමන්ට නිසි මිලක් නොලැබෙන බව ගොවීන් චෝදනා කරනවා.
මීළඟ කන්නයේ වී වගාව සඳහා බිම් සකස් කර ගැනීමට අවශ්ය බැවින් ඔවුන් මේ දිනවල අස්වැන්න සමගම බඩඉරිඟු වගාවන් විනාශ කර දමනවා.





