නිසි පරිදි සහන නොලැබෙන බවට චෝදනා කරමින් ඉන්දුනීසියාවේ සුදු කොඩි විරෝධතාවක්

සුළි කුණාටුවක් සමග ඇති වූ දැවැන්ත ගංවතුර ආපදාවෙන් සති ගණනාවකට පසුවත් නිසි පරිදි සහන නොලැබෙන බවට චෝදනා කරමින් පීඩාවට පත් වූ ජනතාව ඉන්දුනීසියාවේ සුදු කොඩි විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

නොවැම්බර් මාසයේ ඇති වූ ආපදාවෙන් 1,000 කට අධික පිරිසක් මිය ගිය අතර සුමාත්‍රා හි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වුණා.

මරණවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් සිදු වූ දරුණුතම බලපෑමට ලක් වූ පළාත වන අචේහි, බොහෝ දෙනෙකුට තවමත් පිරිසිදු ජලය, ආහාර, විදුලිය සහ වෛද්‍ය සැපයුම් සඳහා ප්‍රමාණවත් තරම් ප්‍රවේශයක් ලැබී නැහැ.

සාමාන්‍යයෙන් යටත් වීමේ සංකේතයක් ලෙස දැකිය හැකි සුදු කොඩි, පළාත පුරා – කැඩුණු වහලවල් මත, ඛාදනය වූ ගං ඉවුරු දිගේ ඔසවා ඇත්තේ ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා කැඳවීමක් බව විරෝධතාකරුවෝ පවසනවා.

කෙසේ නමුත් ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ විදේශ ආධාර ප්‍රතික්ෂේප කර ඇති අතර, තත්වය පාලනය කර ඇතයි අවධාරණය කළා.

Share